රටවල් 16කවිදේශ තානාපති කාර්යාලකම්කරු සුභසාධන අංශ මගින් රැකියා ඇණවුම් අනුමත කිරීමේදී සති 2-3 ක කාලයක් ගතවීම හේතුවෙන්, එම රටවලසඳහා රැකියා බදවාගැනීම් සිදුකරන ආයතන, තම රැකියා ඇණවුම් ඉන්දියාව, බංගලාදේශය වැනි රටවලට යොමු කරන බවද රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මෙම අඳහස් ප්‍රකාශ කළේ, 2022 සිට ක්‍රියාත්මක කරන විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන තුන් අවුරුදු සැලැස්මක් සැකසීමට අදාළව බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන වල අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා පැවති වැඩසටහනකට (02) එක් වෙමිනි.
වැඩසටහන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
තමන් පසුගියදා කටාර් රාජ්‍යයේ කළ නිල සංචාරයේදී රැකියා ඇණවුම් අනුමත කිරීමේ ප්‍රමාදය සම්බන්ධව කරුණු රැසක් අනාවරණය වූ බවත්, ඒ අනුව ප්‍රමාදයකින් තොරව පැය 2ක් වැනි කෙටි කාලයකදී රැකියා ඇණවුම් අනුමත කිරීමට කටයුතු කිරිමට අදාල අංශවලට උපදෙස් ලබාදුන් බව සඳහන් කළේය. සෙසු තානාපති කාර්යාල 16 තුළද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කාර්යාංශයට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසරේදී විගමණික ශ්‍රමිකයින් 50,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගත කළ අතර, 2021 වසරට පැවති ලක්ෂයක ඉලක්කය වසර අවසානය වන විට එය 110,000 දක්වා වැඩි කිරීමට හැකිවන බවත්, ජනාධිපතිතුමා විසින් ලබන වර්ෂය සඳහා ඩොලර් බිලියන 10ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රි ලංකාවට ලබාගැනීමටඉලක්කයන් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වල සහයෝගයෙන් සකස්කරන තුන්අවුරුදු සැලැස්ම මඟින් ළඟාකර ගැනීමට කටයුතු කරන බව පැවසීය.