ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධනය කරන ව්‍යාපෘතිය වසර 05 ක් ගතවීමට පෙර ඉටු කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ ස්තුති කතාව කරමිනි.
ගොවි ජනතාවට ඉතා ඉක්මනින් තම අස්වැන්න නගරයට ගෙන එම, පාසල් දරුවාට ඉක්මනින් පාසලට යන්න, රාජ්‍ය සේවකයාට ඉතා ඉක්මනින් තම කාර්යාලයට යාමට , මෙරටට පැමිණෙන විදේශිකයින්ට ඉක්මනින් විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සැලැසීම තම අමාත්‍යංශයේ ඉලක්කය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය රජයට කොවිඩ් ව්‍යසන, ආර්ථික ගැටළු හෝ යුධ ගැටළු නොමැති වුවද ආර්ථිකය විනාශ කරමින් තරුණයන්ගේ බලාපොරොත්තු විනාශ කළ බවද පෙන්වා දුන්නේය. අද ඔවුන් සත්‍ය වෙනුවට බොරුව රජකරවීමට උත්සාහ දරන බවත් වාදවිවාදයන්ට මුහුණ දීමට නොහැකිව ,පාර්ලිමේන්තුවට මුහුණ දීමට නොහැකිව පාර්ලිමේන්තුවේ නොසිට පලා ගොස් ඇතැයිද කීය.
මෙරට මාර්ග සංවර්ධනය කිරිමේ ඉතිහාසය නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ නාමය අමතක කළ නොහැකි බවද අමාත්‍යවරයා කීය. 2015 වසරේ මහින්ද රාජපක්ෂ රජය පැවතියේ නම් නුවර සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදි කර අවසන් වන බවද සඳහන් කළේය.