පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රමිකයින්ගේ වෘත්තීය ‌අයිතිවාසිකම් සුරැකීම,සෞඛ්‍ය සහ සුභසාධනය සඳහා නව පනතක්- කම්කරු අමාත්‍ය

    දෙසැම්බර් 05, 2021

    ශ්‍රමිකයින්ගේ වෘත්තීය ‌අයිතිවාසිකම් සුරැකීම,සෞඛ්‍ය සහ සුභසාධනය සඳහා නව පනතක් හඳුන්වාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කම්කරු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිණි.

    අමාත්‍යාංශයේ අරමුණු ඉටු කර ගැනීම පිණිස ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ගෙන ඇති අතර එහි යහපත් ප්‍රතිඵල මේ වන විටත් කම්කරු ප්‍රජාව විසින් භුක්ති විඳින බවත් ඉදිරියේදි එම ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරිමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පැවති ජාතික අවම වේතනය රු. 10,000/- සිට රු. 12,500/- දක්වා රු. 2,500/- කින් ඉහළ නැංවීම, වතු සේවක ප්‍රජාවගේ අවම දෛනික වැටුප රු. 1,000/- දක්වා ඉහළ නැංවීම, සේවක සුභසාධනයට සහ වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි සේවක අර්ථසාධක අරමුදල් හා සාප්පු හා කාර්යාල සේවක පනත් සංශෝධනය කිරීම , පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම ඉන් ප්‍රධාන වේ.

    තවද, කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ යෙදෙන ව්‍යාපාර හා කොවිඩ් -19 වසංගතයේ බලපෑම හමුවේ සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට නොහැකි අනෙකුත් ව්‍යාපාර සඳහා මාසයේ මූලික වැටුපෙන් 50%ක් හෝ රු14,500/-ක මුදල යන දෙකෙන් වඩා වැඩි මුදලක් සේවකයින්ට ගෙවීමටත්, ඉන් අනතුරුව, 2021 ජූලි සිට දෙසැම්බර් දක්වා සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවලට පමණක් මෙම වැටුප් ගෙවීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

    Covid වසංගතය හමුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් සේවාලාභීන් වෙත අඛණ්ඩව සැපයීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසිය. දුරකථන මාර්ග ඔස්සේ සේවා උපදෙස් ලබා දී අන්තර්ජාලය හරහා දිනයක් වේලාවක් ලබා දීමෙන් සේවක අර්ථ සාධක අරමුදල් හිමිකම් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීම ඇතුළු අනෙකුත් සේවාවන් ලබා දුන් බව ද  අමාත්‍යවරයා  කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya