රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, කලාප දහයකට අයත් මහවැලි ගොවිපල 17 කින් ගොවිපල 07 ක් වසරක් ඇතුළත ලාභ උපයන තත්ත්වය ට පත්කිරීම ට හැකි වූ බවයි.
මහවැලි රඹකැන්ඔය කලාපයට අයත් රිදීමාලියද්ද කොට්ඨාසයේ මහවැලි ගොවි පවුල් සඳහා සනීපාරක්ෂක හා පානීය ජල, ඇඟලුම් , කෘෂි කාර්මික , ඇතුළු ක්ෂේත්‍රය ගණනාවක නිරත වන්නන් සඳහා උපකරණ සහ මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රිදීමාලියද්ද මහවැලි කොට්ඨාස කාර්‍යාලයේ පැවති මෙම මූල්‍ය ආධාර සහ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය වරයා රඹකැන් ඔය , ගල්වල යාය මහවැලි ගොවිපළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිරීක්ෂණ සංචාරයකද නිරත විය.
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් 3022 වසර සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. එම සියළු වැඩසටහන් ජීවනෝපාය සංවර්ධනය සඳහා සෘජු හා වක්‍ර ලෙස දායක වන ආකාරය ට ක්‍රියාත්මක කෙරේ. ආනයනය සීමා කර ඇති බෝග වර්ග 16 කින් බෝග වර්ග 13 ක්, මහවැලි කලාප වල වගා කෙරෙනු ඇත.
එමෙන්ම බිත්තර වී නිෂ්පාදනය සහ සෙසු අතුරු බෝග වගාව ට අවශ්‍ය බිජ නිෂ්පාදනය, කාබනික වගා වට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය, ජාතික දියර කිරි අවශ්‍ය තාවය නිෂ්පාදනය සඳහා දායක වීම, බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වර්ධනය කිරීම , මහවැලි නගර සංවර්ධනය, ගෙවතු සංවර්ධනය, පානීය ජල අර්බුදය සඳහා විසඳුම් ලබා දීම , ස්වයං රැකියා වන්හි නිරත වුවන් සඳහා මූල්‍ය සහයෝගය, දුෂ්කර පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය, මෙන්ම වාරිසෞභාග්‍යයා වැඩසටහන යටතේ මහවැලි කලාප තුළ පිහිටි වැව් ප්‍රතිසංස්කරණය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද සිරිපාල ගමලත් මහතා කියා සිටියේ ය.
මෙම අවස්ථාව ට මහවැලි ආයතන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේවර්ධන , රඹකැන් ඔය කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඔස්මන්ඩ් ද සිල්වා යන මහත්වරු ඇතුළු මහවැලි නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .