අයවැය විවාදයක වගකීම ඇත්තේ විපක්ෂ සතුව වුවත් විපක්ෂය අද එම කාර්යය පැහැර හරිමින් සිටින බවත් විපක්ෂය එම අභියෝගය ඉටු නොකරීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වනබව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය
තම යුතුකම් සහ වගකීම් ඉටු කරමින් කටයුතු කරන්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.
අද (06) සංචාරක අමාත්‍යංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙවර අයවැයේදී සංචාරක ව්‍යාපාරය කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.සංචාරක ව්‍යාපාරය ගොඩ නැගීමට පැලැස්තර දැමීම සුදුසු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ඒ සඳහා කටයුතු කරමින් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල බවත් සංචාරකයින්ට මේ රටට පැමිණීමට සුදුසු වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය කළ බවද කීය.
යුද්ධය, කළු ජූලිය , මහ බැංකු ප්‍රහාරය වැනි හේතු නිසා පසුගිය සමයේ මෙරටට සංචාරකයින්ට පැමිණිමේ වාතාවරණයක් මෙරට නොවූ බවද කීය. සංචාරකයන් නොසිටීම හේතුවෙන් මෙරට ගුවන් සේවාව පසුගිය වසර තුනේදීම කඩා වැටුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
"පකිස්ථානයේ මෙරට ශ්‍රී ලාංකිකයෙක් සේවකයෙක් මිය යාම ගැන අද මුළු රටම කම්පා වෙලා තියෙනවා. ඒත් 88,89 භීෂණය කාලයේ පාරවල් වල මිනී පිච්චුනා.පාස්කු ප්‍රහාරයේදී ඉලක්කය වුනේ අපේ සංචාරක හෝටල්. ඒ හේතුව නිසාත් මෙරටට සංචාරකයෝ පැමිණියේ නැහැ."
ගුවන් සේවා හා සංචාරක ව්‍යාපාරය එකට එක්ව ගමන් කළ යුතු බවත්, එය ගසට පොත්ත මෙන් එකිනෙක සම්බන්ධ අංශ දෙකක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අපේ රට නිවැරදි දිශානතියට ගෙන යාමට නම් GLOBAL PROMOTION වැඩසටහන් සිදු කළ යුතු බවද කීය. මුදල් අමාත්‍යවරයාගේ සමයේ එවැනි GLOBAL CAMPAIGN කරමින් රට ඉහළ තැනකට ගෙන ගිය බවද කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 17 තැනක සංචාරක ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡා කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් විසින් ඉල්ලීම් කිහිපයක් යොමු කර ඇති බවත් පළාත් පාලන ආයතන මගින් අය කරන 1% බද්ද ඉවත් කිරීමට සහ මෙවර අයවැයෙන් හඳුන්වාදෙන 2.5% සමාජ ආරක්ෂක බද්ද සඳහා අවම වශයෙන් වසර 02ක කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයිද ඉල්ලා සිටියේය.