විපක්ෂයේ සහ ආණ්ඩුපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බව ද කතානයකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මුල්කරගනිමින් පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම සම්බන්ධව මෙම වාර්තාව කැඳවීමට පියවර ගැනේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, සිය ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී නොවන බවය.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ , සභාවේ කිසිම මන්ත්‍රීවරයකුට කතානායකවරයාට තර්ජනය කර පහර දීමට උත්සාහ දැරීමේ හැකියාවක් නැති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම නොමනා හැසිරීම් වහාම වැළැක්වීමට පියවර ගත යුතු බවයි.
අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අයවැය විවාදයට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ නොසිටි අතර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ප්‍රධන දොරටුව ඉදිරියේ විරෝධතාවයක නිරත විය.