ඔහු මේ බව පැවසුවේ අද (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නව ඔමික්‍රෝන් වෛරසය පිළිබදව අදහස් දක්වමිනි.
වෙවරසය ගුණනය වීමේදී විකෘතිතා ඇති වන බවද, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනයෙන් නව ප්‍රශේද ඇතිවීම වැළැක්වෙන අතර එන්නත් ගැනීම පැතිරීම වැළැක්වීමට මෙන්ම නව ප්‍රභේද වලට අත වැනීමද අඩුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මේ වන විට ඔමික්‍රෝන් සම්බන්ධයෙන් ලෝකයේම භීතියක් හටගෙන ඇතැයිද, මෙතෙක් වාර්තා වූ ඇල්ෆා වල විකෘති 08ක්ද, ඩෙල්ටා වල විකෘති 23ක්ද හමුවූවත් මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයෙහි විකෘති 32ක් පමණ ඇතැයි හදුනාගෙන ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොවැම්බර් 26 වනදා ඔමික්‍රෝන් ප්‍රභේදය සැළකිල්ලක් දැක්විය යුතු ප්‍රභේදයක් වශයෙන් නම්කර ඇතැයිද ඔහු කියා සිටියේය.
ප්‍රථමයෙන්ම බොස්වානා රාජ්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ නොවැම්බර් 12 – 19 වැනි කාලයේදී හඳුනාගෙන ජාන විශ්ලේෂණයකින් අනතුරුව මෙහි අන් වෛරසවලට වඩා වැඩි විකෘති ප්‍රමාණයක් ඇතැයි හඳුනාගත් බවද එසේම දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග්වල කොවිඩ් වාර්තා වීමේ වැඩි සීඝ්‍රතාවයක්ද දැක්වූ බව ඔහු කියා සිටියේය.
මෙම නව වෛරසය කාරණා 03ක් ඔස්සේ රටකට බලපාන්නේ කෙසේද යන්න විග්‍රහ කළ යුතු යැයි පැවසූ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා, ප්‍රථම කරුණ වශයෙන් මෙය කොතරම් දුරකට පැතිර යනවාද යන්න එනම් බෝවීමේ සීඝ්‍රතාවය පිළිබදව අවදානය යොමු කළ බව කීය. ඒ අනූව ප්‍රමාණවත් දත්ත නොමැති බැවින් බෝවීමේ සීඝ්‍රතාවය සම්බන්ධව නිහ්චිතව අදහසක් පළ කළ නොහැකි බවද එනම් ඩෙල්ටා ප්‍රභේදයට වඩා බෝ වීමේ සීඝ්‍රතාවය වැඩි යැයි උපකල්පනයක් පමණක් ඇතැයි පැවසීය.
දෙවන කරුණ වශයෙන් මෙය කොතරම් දුරට රෝගීන්ට බලපානවාද? කොතරම් පිරිසක් දැඩිසත්කාරගත වනවාද? කොතරම් මරණ වෙනවාද යන්න පිළිබද අවධානයට යොමුකළ යුතු යැයිද නමුත් මෙතෙක් මෙම ප්‍රභේදය ආසාදනයෙන් මරණ වාර්තාවී නැතැයිද, විශාල ප්‍රතිහතයක් නියුමෝනියාව දක්වා වර්ධනයවී නැතැයිද ඔහු පැවසුවේය.
තෙවන කරුණ වශයෙන් බූස්ටර් එන්නත එනම් තුන්වන මාත්‍රාව මෙම ප්‍රබේදයට පිලිතුරු ලබා නොදෙන බවට ගෙනයන මතය සම්පූර්නයෙන්ම සාවද්‍ය බවද, බොහෝ එන්නත් නිපදවන්නේ වෛරසයේ ඇති ස්පයික් ප්‍රෝටීනයේම කොටසක් යොදාගනිමින් වන අතර ඔමික්‍රෝන් වල ස්පයික් ප්‍රෝටීන්යේ විශාල වෙනස්කම් වන නිසා බූස්ටර් එන්නත ලබාගැනීම ඉතාම වැදගත් බවද වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අවධාරණය කළේය.