අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
ජනාධිපතිතුමා,අගමැතිතුමා ඔහුගේ අභාවය පිළිබදව ශෝකය පළ කළ අතර ප්‍රියන්ත කුමාර මහතා විසින් වසර 11ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන ලද දායකත්වය සැළකිල්ලට ගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණ භාවයට පත් එම ආදරණීය බිරිද සහ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් මානුෂීය පදනම මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුභසාධන අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් වහාම ප්‍රදානයක් ලෙස ලබාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවූ බව පැවසීය.