රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (දෙසැම්බර් 07) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සමස්ත දිවයිනේ ම එකවර සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඉදිරිපත් කළ පැණයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරි වසර තුළදී මෙරට විදුලි බල පද්ධතියේ ධාරිතාවයෙන් 75%ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ සම්බන්ධ ආයෝජන විශාල ප්‍රමාණයක් රට තුළ පෙළගැසී තිබුනද කඩිනමින් ඒ සඳහා අනුමැතිය ලබානොදෙන තත්වයක් තිබෙන බවත්, විදුලි බල ඉංජිනේරුවන් සහ විදුලි බලය සම්බන්ධව කටයුතු කරන වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට කරුණු පැහැදිළි කර මෙම ව්‍යාපෘති පටන්ගැන්මට කටයුතු කරන බවත්ය.