පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    “මානව හා සමාජ විද්‍යා අධ්‍යාපනයේ සියවස් සමරුව” දෙසැම්බර් මස 21 දා

    දෙසැම්බර් 07, 2021

    වඩාත් නිර්මාණශීලී සහ නිපුණතා රාශියකින් යුක්ත පරපුරක් බිහිකිරීම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යන්‍යාංශවල අපේක්ෂාව බවත්, දෙසැම්බර් මස 21දා මානව ශාස්ත්‍ර පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති “මානව හා සමාජ විද්‍යා අධ්‍යාපනයේ සියවස් සමරුව” - මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය උඩවත්ත මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ එදිනට මානව ශාස්ත්‍ර ඉගැන්වීම් සම්බන්ධයෙන් තිබෙන ගැටලු සම්බන්ධයෙන් පුළුල් කථිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත්, එහිදී අනාගත සංවර්ධන සැළසුම් සඳහා උපාධිධාරීන් යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන්කරන බවද පැවසීය.

     විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya