අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ, 2022 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රවාහන සැලැසුම් පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින් සමග (07) පැවති සාකච්ඡාවකදීය.
අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “ සහසර “ ව්‍යාපෘතිය මගින් ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවත්, එහි එක් පියවරක් ලෙස පෞද්ගලික බස්රථ 2000ක් සඳහා GPS තාක්ෂණය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ සඳහා රුපියල් දසලක්ෂ 200ක් වැය කරනු ලබයි.
තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ, - බස්රථ සදහා GPS තාක්ෂණය ලබාදීමත් සමග ජනතාවට එම සේවාව පරිහරණය කිරිම සඳහා නොමිලේ යෙදවුමක් (Mobile App) ලබා දීමට කටයුතු කරනු බවයි. ඒ අනුව තම ගමන් සඳහා යොදා ගන්නා බස්රථ කුමන වේලාවට ලගා වෙන්නේද, එහි සිටින මගී සංඛ්‍යාව ඇතුළු සවිස්තරාමක වාර්තාවක් තම ජංගම දුරකථනයට ලබා ගැනිමේ හැකියාවද ලැබෙනු ඇති බවයි. මෙන්ම 2022 වසරේදි මගී ජනතාවට විද්යුත් ප්‍රවේශපත්‍රයක් (E-Ticket ) හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කරන බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේ ය.
කොළම නගරයේ මාර්ග තදබදය අවම කිරිමේ අරමුණ ඇතිව ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ (Park and Ride) ක්‍රමය පුළුල් කිරිම සඳහා ප්‍රධාන නගර 08ක තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 08ක් ස්ථාපිත කිරිමට ප්‍රවාහන අමාත්‍යාශයේ 3K ව්‍යාපෘතිය කටයුතු කරන බවද පැවැසිය. එමෙන්ම බස්රථ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සුබසාධනය සඳහා වු ආයතනයක් සම්බන්ධ කර ගැනීමට සැලැසුම් සකස් කර ඇති බව මෙම සාකච්ඡාවේදි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච් මහත්මිය අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, ‘සහසර” ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක යොහාන් රත්නායක, 3K ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක නාලක දිසානයක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.