ඊයේ (07) සපුගස්කන්ද පිරිපහදුවේ නැවත ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී මාධ්‍ය වෙත අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
''සැප්තැම්බර් 29 වෙනිදා මම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. බොහෝ දුරට මාස 03ක් ඇතුළත අපට තෙල් පිරිපහදුව වසා දමන්න වේව් කියලා.ඒ අනුව අපට නොවැම්බර් 15 වෙනිදා තාවකාලිකව තෙල් පිරිපහදුව වහන්න සිදුවුනා.නොවැම්බර් 15 වෙනිදා මම ප්‍රකාශ කළා, අපි දින 50ක් ඇතුළත නැවත් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු ආරම්භ කරනවා කියලා .ඒ රටට දුන් පොරොන්දුව අකුරට ඉටුකරමින් 22වන දිනය වන අද දවසේ අපිට තෙල් පිරිපහදුව ආරම්භ කරන්න පුලුවන් වුනා.මේවන විට ඩොලර් මිලියන 59ක් අපි වැය කරලා බොර තෙල් බැරල් ලක්ෂ 07ක් ගෙනාවා, අපි අඩු ධාරිතාවකින් මේ දිනවල කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොරතෙල් මේ අවස්ථාවේ අප ගෙනවිත් තිබෙනවා ,අපේ ටැංකිවල තිබෙනවා.ඒ වගේම වැස්ස අවසන් වූ නිසා විදුලිබල මණ්ඩලයටත් දැවි තෙල් අවශ්‍යවය ඇති වෙන්න පුලුවන් . දැනටත් අපි ගාව දැවි තෙල් ටොන් 65,000ක් තිබෙනවා.නමුත් ඉදිරියේදී අවශතාව අපේ අවධානයට යොමු වුනා.
මෙතැන් සිට අඛණ්ඩව බොරතෙල් සැපයීමක් කරන්න අපි පියවර ගනිමින් තිබෙනවා.අපිට සැපයුම් කරුවන් ඉන්නවා ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ට ගෙවීම් කිරීමට ඩොලර් නැති නිසා අපි මෙහි විසදුම් විදිහට රුපියල්වලින් ගෙවීම් ලබා ගැනීමට කැමති සැපයුම්කරුවන් සොයනවා එක පැත්තකින් ඔවුනට ලංකාවේ රුපියල් ආයෝජන කරන්න .
දෙවනුව දීර්ඝකාලීන ක්‍රොන්ත්‍රාත් ක්‍රමයට බොරතෙල් සපයා ගැනීමට අප මේ දිනවල සාකච්ඡා පවත්වනවා,අපේ බලාපොරොත්තුව අද සිට අඛණ්ඩව තෙල් පිරිපහදුව පවත්වා ගෙන යන්න එයට යම් ගැටලුවක් මතුවෙනවා නම් කටකතා කරුවන්ට කලින් ගියපාර වගේම අපි රටට කියනවා,අපට දුෂ්කරතාවක් තියෙනවා අපට තාවකාලිකව වහන්න වේවි කියලා .නමුත් දැනට එහෙම ප්‍රශ්න නෑ.අපි අඛණ්ඩව ඉන්ධන සැපයුමත් සමඟ තෙල් පිරිපහදුව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.''
මේ අවස්ථාව සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාද එක් විය.