දිවයින පුරා විසිරී සිටින පාරම්පරිව දේශීය වෛද්‍යවරුන් මුදලට සීමා නොවී සිය ධනය ශ්‍රමය කාලය වැය කරමින් රෝගීන් සුවපත් කිරීමෙහිලා සුවිශේෂි කාර්යභාර්යක් ඉටුකරනු ලබන අතර ඔවුන් විසින් ජාතික සෞඛ්‍ය සේවාව නංවාලීමෙහි ලා සුවිශාල දායකත්වයක් දන්වනු ලබයි.
ඒ යටතේ කළුතර දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර ශාලාවේදී පැවැත්විණ.
සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නිරෝගීමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍යවරුන් දායක කර ගැනීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා දායකත්වය ලබාදීම, දේශිය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ පා සිටින ප්‍රහ්න ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වාදීමද එහිදී සිදු කෙරිණි.
එහිදී අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා;“අපේ ආයුර්වේද වෛද්‍ය සේවය ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වෙලා තියෙන්නේ. එහි ගුණාත්මතාවය රැකගැනිමට අප කටයුතු කරනවා. ඒ වගේ අපේ පාරමිපරික වෛද්‍ය ලියාපදිංචියේදී ඇතිවන ගැටළු සහගත තත්ත්වයන් හැකිතාක් අවම කර ඒ සඳහා සුදුසු අයට අවශ්‍ය නිසි ගෞරවය සහ ඔවුන්ගේ අයිතීන් ලබාදීමට අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ආයුර්වේද වෛද්‍ය සභාව ඒ සඳහා අළුත් මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබෙනවා. අවුරුදු හතිලිස් පහට අඩු අයට ලිඛිත විභාගත්, ඊට වඩා වැඩි අයට වාචික පරීක්ෂණයකට ඉදිරිපත් වීමේ හැකියාව පවතිනවා. අවුරුදු 60ට වැඩි අයට සම්මානනීය වූ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය රැකගැනීමේ උපහාර පිදීමේ ලැයිස්තුවට ඇත්ළත් වීමේ අවස්තාව තිබෙනවා. මෙවැනි අවස්ථා යෝජිතව තිබෙනවා. ක්‍රියාත්මක කර තිබෙනවා. දෙසැමිබර් මස 31ට පෙර අයදුම් කරන ඕනෑම අයෙකුට මාර්තු මාසයේ පැවැත්වෙන ලිඛිත වාචික පරීක්ෂණවලට පෙනී සිටීමේ අයිතිවාසිකම දැන් ලැබී තිබෙනවා. ඒ නිසා ඔබ සියළුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව හා අපේ සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ඒ සඳහා අයඳුම්පත් ඉදිරිපත් කර අවශ්‍ය නිසි පිළිගැනීම ලබා ගන්න ලෙස යැයි සඳහන් කර සිටියේය.
එම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පස්කුවල් මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) ඕ. වී. චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආයුර්වේද වෛද්‍ය නිලධාරින් හා පාරම්පරික වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.