සංවත්සරය නිමිත්තෙන් 09 සහ 10 දිනවලදී ගාලුමුවදොර ඉදිරිපස මුහුදු තීරයෙහි නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම් ලා තබා දේශයේ නාවික බලය පිළිබඳ ජනතාවට දැක බලා ගැනීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව උතුරු හා වයඹ නාවික විධානයන්හි එනම් පුත්තලම සිට යාපනය දක්වා ප්‍රදේශවල කඩොලාන පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ව්‍යාපෘතියක්ද, මහජනතාවගේ සදහා පුත්තලම කලපුවේ නව ජැටියක් ඉදිකර විවෘත කිරීම ද සිදුකිරීමට නියමිතය.
මේ සුවිශේෂ මොහොතේදී, මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා සිදුකළ මෙහෙවරේදී දිවි පිදූ හා ආබාධිත වූ වීරෝදාර නාවික විරුවන් ගෞරවයෙන් සිහිපත් කරමින් සහ මාතෘ භූමියටත්, නාවික හමුදාවටත් සෙත් පතා වැලිසර නාවික සංකීර්ණයේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වේ. එමෙන්ම (8 වැනිදා) දළදා මාලිගාවේ දී ගිලන්පස බුද්ධ පූජාවක් හා හෙට මහා සංඝරත්නයට උදෙසා දානමය පිංකමක් සිදු කෙරේ.
මීට සමගාමීව ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ආගමික කටයුතු ද සිදු කරන අතර උතුරේ සහ උතුරු මැද නාවික විධාන මඟින් ලේ දන් දීමේ වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇත. 1950 දෙසැම්බර් 9 1950 අංක 34 දරන නාවික හමුදා පනත මගින් මෙරට ස්ථිර නාවික හමුදාවේ සමාරම්භය සනිටුහන් කරමින් “රාජකීය ලංකා නාවික හමුදාව” බිහිවූ අතර 1972 දී ශ්‍රී ලංකාව, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් වීමත් සමඟ මැයි 22 සිට “ ශ්‍රී ලංකා නාවික
හමුදාව” ලෙස නම් ලද්දේය. සම්ප්රදාය අනුව කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහා සෑ රදුන් සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පසුගියදා සිදු කරන ලදී . නාවික හමුදාව විසින් සුරක්ෂිත සාගර කලාපයක් පවත්වා ගැනීමේ ජාතික අභිලාෂය ඉටු කිරීම සඳහා සාගරික වපසරිය තුළ සිදුකරන හමුදාමය, රාජතාන්ත්‍රික සහ නීති ක්‍රියාත්මක කිරීම නිරන්තරව සිදු කරයි. දෘශ්‍යමාන සතුරකු නොමැති වුවත් සාගර කලාපය තුළ නීති විරෝධි කටයුතු
මැඩ පවත්වා, ආර්ථික කටයුතු ආරක්ෂිතව ඉටුකර ගැනීම , සාගරික මුදවා ගැනීමේ කලාප තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීමත් නාවික හමුදාවේ සුවිශේෂ කාර්යයන්ය.
ඊට අමතරව මුහුදු මාර්ගයෙන් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 740ත් 850ත් අතර ජාත්‍යන්තර මුහුදේ දී පවා විශාල මෙහෙයුම් කරන අතර කොවඩ් 19 වසංගතය හමුවේ ක්‍රියාකාරි ලෙස මහජනතාව එයින් මුදවා ගැනිමට සහය දෙමින් සිටී.
71 වන වසරට පා තබන මේ මොහොතේ තව තවත් ශක්තිමත් වෙමින් රට දැය වෙනුවෙන් කැපවිම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිප්‍රාය බව නාවික හමුදාපති තවදුරටත් පැවසීය.