අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (09) කොළඹ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති කිරෙන් සපිරි රටක් සෞභාග්‍යමත් හෙටක් යන තේමාවෙන් 2022 කිරි සංග්‍රාමය නොහොත් 2022 කිරි නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනෙදී අදහස් දක්වමිනි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පශ්‍ර සම්පත් අමාත්‍ය ඩී බී හේරත් මහතා කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා මහාපරිමාණ ගොවිපොළවල් ඇති කර පෞද්ගලික අංශයටද ඒවායෙහි ආයෝජනයට ඉඩකඩ ලබාදීමේ පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර ඇතැයිද, මේ සදහා අවශ්‍ය ප්‍රධාන කරුණු දෙක වනුයේ ඉඩම් ලබාගැනීම සහ සත්ත්වයින් ගෙන්වා ගැනීමත් බව මුදල් අමාත්‍යවරයා සිහිපත් කළේය.
ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ මූල්‍යමය පහසුකම් කල් ඇතිවම සැලසුම් කර ඉඩ ලබාදී ඇතැයිද, තණකොළ ගසක්වත් වැවෙන්නේ නැති ඇතැම් රටවල් අද දියර කිරි අපනයනය කරන අතර අප රටේ විශාල ගව සම්පතක් සිටියද ඉන් කිරි ලබාගත හැකි ප්‍රමාණය අඩකටත් අඩු යැයිද ඔහු කියා සිටියේය.
ඉක්මණින් ක්‍රමානුකූල විද්‍යාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර සතුන් සදහා අවශ්‍ය සෙවන ලබා දීමට ගව ගාල් ආදිය ලබාදීමට මුදල් සදහා අනුමැතිය ලබාදී ඇති බව පැවසුවේය. එමෙන්ම සතුන් සදහා අවශ්‍ය වතුර, තණකොළ සහ වෙනත් ආහාර ද්‍රව්‍ය ලබාදීම සදහා ඒ්වා නිෂාපාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද, මෙම සියල්ලම සඳහා මුදල් වියදම් කිරීමේ අනුමැතිය මුදල් අමාත්‍යංශය විසින් ලබාදී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.