ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ( 09 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි අමාත්‍ය සී.බී.රත්නායක මහතා අදහස් දක්වමින්
“ අද දවසේ රටේ පවතින යම් යම් ප්‍රශ්න පිළිබඳව අරගලකාරි ආකාරයෙන් ක්‍රියාත්මක කරන අය රටේ ආර්ථිකය ගැන හිතන්නේ නැතිව, මේ රටේ තිබෙන රෝගි තත්වය ගැන හිතන්නේ නැතිව එක එක අරගල කරන්න සූදානම් වෙලා
තිබෙනවා. මේ සමස්ත ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා, අනාගතයේ සැලසුම් සකස් කිරීම සඳහාත් ඒ වගේම දීර්ඝ කාලීන සැලසුම්, කෙටිකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් ආණ්ඩුවක් අපි පවත්වගෙන යන්නේ. ඒ නිසයි ජනතාව මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් පත් කරගෙන තිබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව භාර ගන්න වෙලාවේදී ඝෘන ආර්ථිකයත් එක්ක අපි රට භාර ගත්තේ. එලෙස භාර ගන්න අවස්ථාවේදී ලෝකයම වැළඳගත්ත කොරෝන වසංගතය අපේ රටටත් පැමිණ තිබුණා. එයින් අපේ රටේ ඉදිරිගමන, රටේ ආර්ථිකය අඩාල වුණු තැන් තිබෙනවා.
සාම්ප්‍රදායික ක්‍රියා කලාපයන්ට යනවට වඩා කලානූරූපව කාලෝචිත ක්‍රියාවන් සඳහා රට පෙළගස්වා ගත යුතුයි. ඒ නිසයි මෙවර අයවැය ලොසින්ජර් දෙන අයවැයක් නොවන විදිහට කටයුතු කළේ. අපේ රටේ වගා කරපු දේ අයින් කරලා හැමදේම රටින් ගන්න පටන් ගත්තා විතරක් නොවේ හාල් මිටියක් කඩෙන් ගන්න පුරුදු වෙලා කුඹුරු පුරන් වුණා. මේ හේතුව නිසාම අද අපි යැපෙන මානසිකත්වය මේ රටේ ජනතාවට ඇවිල්ලා තිබෙනවා. මුදලට හැමදේම ගන්න පුළුවන් කියලා ඇවිල්ලා තිබෙනවා. පහුගිය රජය කාලයේ තිබුණු පිඩාව නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි රටේ ජනතාවගේ තදබල විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි ඉස්සරහට ආවේ. අද මාර්ග පද්ධති ටික, වරායන් හදලා තිබෙනවා. මේවා ගැන කතා කරන්නේ නෑ. මේවා රත්තරංවලින් හදලා තිබෙන්නේ කියලා කතා කරන එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂය අද කිසි දෙයක් නොවුන ගාණට වැඩ කරන්නේ. ඒ පක්ෂය ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ දී වර්ජනය කළා. රට ගොඩ ගැනීමේ අභිලාෂය සඳහා ඔබ ඩී.බී.ධනපාල කෙනෙක් වෙන්න. මහා පුවත්පත් කලාවේදියෙක් හැටියට අපිට අමතක කරන්න බැරි නමක්. ඔහුගේ පෑන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙහෙව්වා.” යැයි පැවසීය.