පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    රජයේ මාධ්‍ය ඩිජිටල් අවකාශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩමුළුව සාර්ථකව අවසන්

    දෙසැම්බර් 10, 2021

    රජයේ මාධ්‍ය ආයතනවල ක්‍රියාත්මක නව මාධ්‍ය,සමාජ මාධ්‍ය ජාල අංශවල මාධ්‍යවේදීන් එක්ව ''රජයේ මාධ්‍ය ඩිජිටල් අවකාශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩමුළුවක් '' පසුගිය 08 සහ 09 දෙදින වාද්දුව ලායා බීච් හෝටලයේ දී පැවැත්විනි.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මඟපෙන්වීම යටතේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක සහ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පූර්ණ උපදේශකත්වය යටතේ මෙම දෙදින වැඩසටහන ක්‍රියාත්මක විය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය එක්ව වැඩසටහන සංවිධානය කළේ ය. සමාජ මාධ්‍ය අවකාශය තුළ සාර්ථජ ප්‍රවෘත්ති භාවිතාවක් සිදු කිරීම, සමාජ මාධ්‍ය භාවිතයේ නව ප්‍රවේශ පිළිබඳව විද්වත් දේශන රැසක් මෙම වැඩසටහන එක් කර තිබුණි.

    වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී විය.

    එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සම්බන්ධ සමාජ මාධ්‍ය,නව මාධ්‍ය අංශ විසින් මෙතෙක් අත්කර ගෙන තිබෙන ප්‍රගතිය, ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ද පැවැත්විනි.

    රජයේ ජනමාධ්‍ය ආයතනවල සමාජ මාධ්‍ය, නව මාධ්‍ය අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මේ අවස්ථවාට එක්ව සිටියේ ය

    so1

     

    so2

     

     so4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya