ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ සඳහා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන මගින් විශාල කාර්යභාරයක් ඉටු කරවා ගැනීමට අපේක්ෂා කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, තිරසර සංවර්ධන සභාව හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන බවදපැවසීය.
ආර්ථික ප්‍රතිපත්ති ඇතුළුව සියලු ප්‍රතිපත්ති සකස් කිරීමේදී නිවැරදි දත්ත අවශ්‍ය බවත් ඒ් සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට වගකීමක් පැවරී ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය.
තවද, 2021 වසරේ සිදු කිරීමට නියමිතව තිබූ ජන හා නිවාස සංගණන වසර 2022/2023 දී නිම කිරීමට සැළසුම් කර ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය.
වසර ගණනාවක් තක්සේරු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමේ ප්‍රමාදයක් පවතින බවත් මේ හේතුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයේ දී අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමට අදාළ තක්සේරු වාර්තා ලබා ගැනීමේදී සැළකිය යුතු ප්‍රමාදයක් සිදුව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ් අනුව ඉදරියේ දී අදාළ බඳවා ගැනීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත ක්‍රියාත්මක කිරීමේදී මුදල් අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද කීය.
කොවිඩ් අර්බුදය හමුවේ ඇති ආර්ථික අභියෝග ජයගැනීමට සියලු අංශ සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් ඒ සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අගමැතිවරයා සඳහන් කළේය.