පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

    දෙසැම්බර් 10, 2021

    2022 විසර්ජන කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 157 ක් සහ විපක්ෂව ඡන්ද 64 ක් ලැබුන බවත් සංශෝධන සහිතව විසර්ජන කෙටුම්පත සම්මත වූ බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.

     මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විවාදය අවසන් කරමින් පිළිතුරු කතාව සිදු කළේ ය.

    විදෙස් සංචිත පිළිබඳව බැරෑරුම් තත්ත්වයක සිටින බව කී අමාත්‍යවරයා, ගෙවීමට හැකි සෑම ඩොලරයක්ම ලබන වසර අවසාන වා විට ගෙවන බවට සහතික වන බවද අමාත්‍යවරයා පැවසීය.

    මේ සම්බන්ධව සැළැස්මක් තිබෙන බව ද පැවසූ අමාත්‍යවරයා, ''විදේශ ආයෝජන පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තිබෙන බවත් ඉතාම කල්පනාවෙන් පරිස්සමෙන් මෙය කළ යුතුයි.අපි විදෙස් ආයෝජනවල ප්‍රතිපල ගැන බැලිය යුතුයි. සංචාරක ව්‍යාපාරය ඉලක්කයක්. ලොක් ඩවුන් එක්ක අපේ ජීවනෝපායන් නැති වුණා.සංචාරක ව්‍යාපාරයක් ඒ වගේ.විවෘත කරනවා නම්, පරිස්සම් විය යුතුයි. ඩුබායි රටත් මලදිවයිනත් සංචාරකයින්ට විවෘත කරලා ,ආදර්ශයක් ලබා දී තිබෙනවා. අපි මේ අයවැය ලේඛනයෙන් පහැදිළි දර්ශනයක් ඇතිව කටයුතු කළා. සැඟවීමට දෙයක් නෑ.''යැයි කීය.

    2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නොවැම්බර් මස (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි. මෙම පනත් කෙටුම්පත ඔක්තොම්බර් මස 07 වැනිදා පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කෙරිණි.

    නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වින. නොවැම්බර් 22 වැනි සදුදා ප.ව. 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්විය.

    නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වූ අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්විය. ප්‍රථමවරට ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට පහසුකම් සළසා තිබුණි. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද විකාශය කළේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya