2022 අයවැය තෙවනවර කියවීමේ ස්තුති කතාව කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එළඹෙන ජනවාරි මස ඩොලර් මිලියන 500ක් සහ ජූලි මාසයේදී ඩොලර් මිලියන 1000ක් ගෙවීමටත් ඒ අතරතුර ණය,සේවා,පොලී සහ ප්‍රාග්ධන ගෙවීම් ද ගෙවීමට ඇතැයි ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් මෙන්ම විදේශ සංචිත පිළිබඳව ද බැරෑරුම් තත්වයක් පවතින බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. රටේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා ව්‍යවසායකයන් දිරි ගන්වන බවද පැවසූ මුදල් අමාත්‍යවරයා, විදේශ ආයෝජන ලබා ගැනීම සම්බන්ධයෙන් ද විශාල බලාපොරොත්තුවකින් සිටින බවද පැවසීය.
අප හිතන පතන ආකාරය අනුව විදේශීය ආයෝජකයන් මෙරටට නොඑන බව පැවසූ මුදල් අමාත්‍යවරයා, මුදල් රටේ දීර්ඝකාලීනව රැඳෙන ආකාරයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව සැළැස්මක් තිබෙන බව ද පැවසූ අමාත්‍යවරයා, ''විදේශ ආයෝජන පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තිබෙන බවත් ඉතාම කල්පනාවෙන් පරිස්සමෙන් මෙය කළ යුතුයි.අපි විදෙස් ආයෝජනවල ප්‍රතිපල ගැන බැලිය යුතුයි. සංචාරක ව්‍යාපාරය ඉලක්කයක්. ලොක් ඩවුන් එක්ක අපේ ජීවනෝපායන් නැති වුණා.සංචාරක ව්‍යාපාරයක් ඒ වගේ.විවෘත කරනවා නම්, පරිස්සම් විය යුතුයි. ඩුබායි රටත් මලදිවයිනත් සංචාරකයින්ට විවෘත කරලා ,ආදර්ශයක් ලබා දී තිබෙනවා. අපි මේ අයවැය ලේඛනයෙන් පහැදිළි දර්ශනයක් ඇතිව කටයුතු කළා. සැඟවීමට දෙයක් නෑ.''යැයි කීය.