පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    රටේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ - කෘෂි ඇමති

    දෙසැම්බර් 10, 2021

    රටේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් මෙරට වගා කළ හැකි සියළුම භෝග මෙරට වගා කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනඟන බව , කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ආණ්ඩුවට ගත වූ මාස 24න් මාස 20ක් කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රටේ සියලු රාජ්‍ය අදායම් නැවතී විදේශිකයන් ද නොපැමිණීම හමුවේ වුවද කිසිවකු බඩගින්නේ නොතැබූ බවද කීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිලියන 21ක් ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබා දෙමින් රටටම අභයදානය දුන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    වත්මන් රජය 60,000ක් උපාධිධාරින්ට රැකියා ලබා දුන් බව කී අමාත්‍යවරයා, පසුගිය රජයට එක ජල යෝජනා ක්‍රමයක් , එක පාරක් හෝ ඉදි කිරීමට නොහැකි වූ බවත් වසර 05ක් තිස්සේ එක උපාධිදාරියෙකුට හෝ රැකියාවක් ලබා දීමට පැවැති රජයට නොහැකි වූ බවද පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya