පළමු අදියර යටතේ දූ දරුවන් 6000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුම් විවෘත කිරීමට පිරිනමන රුපියල් 89,820,000 වටිනා චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී පිරිනමන ලදි.
අග්‍රාමාත්‍යතුමා අදාළ චෙක්පත ඒ මොහොතේදීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට භාර කළේය.
සෑම වසරකම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) සාමාජිකයින්ගේ දූ දරුවන් 9000 කට එක් අයෙකුට රු.15,000 බැගින් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුවේ.
1994 වර්ෂයේ කම්කරු අමාත්‍යවරයාව සිටි සමයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹිණි. ඒ අනුව එදා පටන් අද දක්වා අඛණ්ඩව සෑම වර්ෂයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහාත් සුවහසක් කම්කරු ජනතාව වෙනුවෙන් කරනු ලබන උපහාරයක් ලෙසත් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ක්‍රියාත්මකය.
ශිෂ්‍යත්වලාභී දරුවන් වෙනුවෙන් අදාළ මුදල් මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුමක තැන්පත් කරන අවස්ථාවේ මලලසේකර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක් තිලිණ කරන අතර සාමාන්‍යයෙන් සිසු උදාන ගිණුම් සඳහා පිරිනමන සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම ගිණුමට ලබාදෙයි.
මෙම අවස්ථාවට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න,මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, සේවා නියුක්තභාරකාර මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.පී.ජී. ප්‍රනාන්දු , මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති එම්.ජී.ඒ සමන් කුමාර මහත්වරු ඇතුළු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ හා මහජන බැංකුවේ නිලධාරී පිරිසක් සහභාගී වූහ.