පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයක් ජපානයට ගෙන්වා ගැනීමට ජපාන තානාපතිගෙන් සහතිකයක්

    දෙසැම්බර් 11, 2021

    ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

    පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ තිබේ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන පරිදි නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ වැඩසටහන (SSWRP) යටතේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ක්ෂේත්‍ර 14ක් යටතේ සේවකයින් බඳවා ගැනීමට අවසර දී ඇත.

    ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුව වැඩි වෙමින් පවතින බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය. සිය ධුර කාලය තුළ මෙරට ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙන් පසුවන බව මිසිකොෂි හෙදකි මහතා පැවසීය. දැනට ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන ව්‍යවසායන් 75 ක් පමණ ක්‍රියාත්මක වේ.

    පසුගිය වසර 15ක කාලය තුළ ජපානය ඩොලර් මිලියන 382ක් පමණ ආයෝජන කර ඇති අතර එමඟින් රැකියා අවස්ථා 12,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර ඇත. ජපාන රජයේ දායකත්වය මත මෑතක දී විවෘත කළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය, කල්‍යාණි රන් පිවිසුම සහ මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya