පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    උත්සව සමයේ උපරිම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් පාලනයට සහය දෙන්න-සෞඛ්‍ය ඇමති

    දෙසැම්බර් 11, 2021

    කොවිඩ් වසංගතය පාලනය හා එන්නත්කරණය මේ වනවිට සතුටුදායක තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මේ උත්සව සමයේ උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේ නොමැති වුවහොත් අළුත් අවුරුදු පොකුර වැනි තවත් පොකුරු බිහිවීමට ඉඩ තිබෙන බව ද එවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිනොවීමට ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

    උත්සව සමය තුල සීමාවන් ඉක්මවා ජනතාව ක්‍රියාකරනු ලැබුවහොත් ඒහි ප්‍රතිඵල භයානක විය හැකි යැයි ද ඒ තුල මෙතෙක් රැකගත් කොවිඩ් පාලන තත්ත්වය අපතේ යනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය

    “කොවිඩ් පාලනයේ දී ජනතාව ලබාදුන් සහයෝගය වෛරසය පාලනයට ඉවහල් වුණා. නමුත් ජනතාව පසුබටවන අවස්ථාවල ප්‍රශ්ණ මතු වූවා. අද අපි යම් සතුටුදායක තැනකට පැමිණ තිබෙනවා. දැන් මේ වනවිට යම් ලිහිල් කිරීමක් සිදුව තිබෙන අතර මේ වන විට උත්සව සමයක් ද එළඹ තිබෙනවා. උත්සව සමයේ තමන්ගේ සීමාවන් වලින් එහා ගොස් නිවෙස්වල උත්සව, ප්‍රියසම්භාෂණ පැවැත්වීමට ජනතාව කටයුතු කරනවා. මේ සියල්ලට සීමාවන් පනවන්න අපට අසීරුයි. නමුත් අපට තිබෙන ප්‍රශ්ණය කොවිඩ් සමග ජිවිත්වන්නේ කෙසේද යන්න ප්‍රශ්නය . වැඩි පිරිසක් කියන්නේ හොදම දේ සහ සරළම දේ රට වැසීම කියා. නමුත් රට වසනු ලැබුවහොත් ආර්ථිකය වැටෙනවා. කොවිඩ් වසංගතය හමුවේ අපි රජයේ සේවකයින්ට වැටුප් කප්පාදුවකින් තොරවම ලබාදුන්නා. කොවිඩ් සමඟ ජීවත් වීමේදී මෙය කළමණාකරණයක් කළ යුතුයි. කළමණාකරණය කිරීමේ දී නිදහස ලබාදී කටයුතු කරන විට ජනතාවගේ පැත්තෙන් අපට දෙන සහයෝගය සහ තම තමන්ගේ ජිවිත රැක ගැනීමේ සහයෝගය අත්‍යාවශ්‍යයයි. මම ඉල්ලා සිටිනවා අපි මේ නිදහස් කිරීම ක්‍රමාණුකූලව සිදු කරන විට මේ රටේ පුරවැසියන් විදිහට මෙම කොවිඩ් වසංගතය මර්දනය කරන්නට සහයෝගය ලබාදෙන ලෙස. එසේ නැති වුවහොත් කිහිපදෙනෙක් නිසා සියළු දෙනා කණගාටුදායක තත්ත්වයකට ඇදවැටෙන්න පුළුවන්. මුළු රටම විශාල ඛේදවාචකයකයකට ලක්වෙන්න පුළුවන්. “

    “අපි වයස අවුරුදු 20 වැඩි සියළු දෙනාට තෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. එමෙන්ම වයස අවුරුදු 12 සිට එන්නත් ලබා දීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉදිරිපත් වි
    තිබෙනවා. එන්නත් ලබාදිම සම්බන්ධව අපට කිසිදු ප්‍රශ්ණයක් නැහැ. මොන ආකාරයෙන් හෝ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්නට එන්නතේ වියදම අපි දරාගෙන රටේ පාලකයින් හැටියට ඒ වගකීම අපි බාර අරගෙන තිබෙනවා. එම වගකිමට සහයෝගය ලබාදෙන්න කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya