පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

      බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි ...

    දෙසැම්බර් 12, 2021

     

    බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.

    මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති. තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයන් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා සඳහන් කළේය.

    රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව පැවසීය.

    කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිෆුද්දීන් සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයනු ලැබීය.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya