පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

      පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය අමාත්‍යාංශයට පමණක් සීමා නොවී සමස්ත රටේම වැඩසටහනක් විය යුතුයි-රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    දෙසැම්බර් 12, 2021


    ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම, ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව ඊයේ දින (12. ) සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රධානත්වයෙන් රැස්විය.

    පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා ක්ෂේත්‍රයේ සියළුම නිලධාරීන්ගේ සහය හිමි විය යුතු බවත් එමෙන්ම එකී අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි හඳුනා ගැනීමේ වැදගත්කමත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේය

    වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමටත් , විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමයි.

    මෙහි දී නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා කළේය . එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමා විසින් අවධාරණය කළේය .

    අමාත්‍යාංශයක් සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා පිය නගන විට එම ඉලක්කය ජය ගැනීම පිණිස අනෙකුත් අමාත්‍යාංශයන්හි ද සහය එම අමාත්‍යශයට හිමි විය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අවධාරණය කර සිටියා.

    2030 වන විට රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කර ගැනීමේ ඉලක්කය සඳහා ගමන් කිරීමේ දී අමාත්‍යාංශයක් ලෙස තනිව ගමන් කිරීමේ හැකියාව තිබෙන නමුත් එම ඉලක්කය හා සම්බන්ධ අනෙකුත් සියළු අංශ ද මෙම ඉලක්කය සමඟ හැඩ ගැසිය යුතුය.

    මෙරටට විදුලි වාහන ආනයනය කිරීමේ දී විදේශීය සැපයුම්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනාගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

     

    මෙම කමිටු රැස්වීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ , අතිරේක ලේකම් පරිසර අමාත්‍යාංශය, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) වාහන නියාමන හා බස්රථ ප්‍රවාහන සේවා අමාත්‍යාංශය, ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා දේශගුණ අරමුදල , සභාපති- cv club sri lanka , කොමසාරිස් ජෙනරාල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, අතිරේක ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය, අධ්‍යක්ෂ ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, අධ්‍යක්ෂ -ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරය , අධ්‍යක්ෂ පරිසර අමාත්‍යාංශය , සාමාන්‍ය අධිකාරි විදුලිබල මණ්ඩලය, අධ්‍යක්ෂ ( සැලසුම්) ඊයේ සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නි. අධ්‍යක්ෂ ( සැලසුම්) ඊයේ සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya