සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නිරෝගී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍යවරුන් දායක කරගැනීමට මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ පා සිටින ප්‍රශ්න, ගැටලු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීමද, මූලික වශයෙන් මෙම සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන තුළදී සිදු වනු ලබයි. මෙහිදී අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සුව ධරණී - සුව චර්යා වැඩසටහන, සුව ධරණී හෙළ ඔසු සංරක්ෂණ සහ සංවර්ධන වැඩසටහන, සුව ධරණී හෙළ ඔසුපැන් ව්‍යාපෘතිය මෙන්ම අනෙකුත් ව්‍යාපෘතීන් සදහා සංරක්ෂණ සභා දායක කර ගැනීම සිදුකරයි