පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    කාබනික පොහොර නිෂ්පාදනයට මැලේසියාවේ ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්වෙයි

    දෙසැම්බර් 12, 2021

    යල කන්නයේ සිට මෙරට වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට මැලේසියානු ආයෝජකයින් කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී (09) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වූ මෙම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය 8%ක් පමණ අඩංගු වන ආකාරයට යෝජිත කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බවය.

    මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මැලේසියාව දියුණු තාක්ෂණය යොදාගෙන වර්ෂය පුරා කෘෂිකර්ම කටයුතු කරන නිසා එරටේ දියුණු තාක්ෂණය මෙරට කාබනික වගාව සඳහා යොදා ගැනීමට අවස්ථාව ලබා දීම සතුටට කාරණයක් බවය. කෙසේ වුවද යෝජිත පොහොර නිෂ්පාදනය පිළිබඳව අංග සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි පොහොර ප්‍රමාණය, ඒ සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, මෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශවය අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

    මෙම ආයෝජකයින් පිරිස සමඟ ලංකා පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ද අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya