මානව සම්පත සංවර්ධන කිරීම,තාක්ෂණික දැනුම හුවමාරු කිරීම අදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙම සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ අරමුණු වේ.
මැටි බඳුන් වීදුරු ආදී පුරාවිද්‍යාත්මක වස්තූ අති දියුණු තාක්ෂණික ක්‍රම ඔස්සේ පර්යේෂණ සිදු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ද නියමිතය.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය අනුර මනතුංග,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඒකකයේ ඒකක ප්‍රධානී ආචාර්ය ප්‍රියන්ත ජයසිංහ, චීන මහජන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ අධ්‍යක්ෂවරු වන මහාචාර්ය Leng Yuxin,මහාචාර්ය Li Qinghui සහ සහාය මහාචාර්ය Dong Junqing,ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.