ජාතික නිවාස සංවර්ධන අධිකාරිය''ඔබට ගෙයක් - රටට හෙටක්'' ජාතික නිවාස වැඩසටහන යටතේ නිවසක් ඉදිකර ගැනීම සඳහා දැනට ලබා දෙන රුපියල් ලක්ෂ හයක ආධාර මුදල රුපියල් ලක්ෂ හය හමාර දක්වා වැඩි කිරීමටද කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ''ඔබට ගෙයක් - රටට හෙටක්''ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිට්ටඹුව, කත්තොට ප්‍රදේශයේ ඉදිකළ නව නිවස විවෘත කිරීම හා ප්‍රතිලාභීන් 86 දෙනෙකු සඳහා නිවාස ආධාර සහ ණය චෙක්පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
එහිදී ප්‍රතිලාභීන් සියළු දෙනා හට පොල් පැළද ලබා දෙන ලදි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියාත්මක මෙම වැඩසටහන 2019 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම හරහා හරිත ලොවක් නිර්මාණය කිරීමට ජනතාවට ලබා දුන් පොරොන්දුව යථාර්තයක් බවට පත් කිරීම තම අමාත්‍යාංශයේද වගකීමක් කොටගත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එමඟින් ක්‍රියාත්මක කරන''ඔබට ගෙයක් - රටට හෙටක්'' වැඩසටහනට සමගාමීව ''පරිසර හිතකාමී කාබනික පොහොර යෙදු හරිත ලොවක් කරා යන වගාවක්'' වැඩසටහනේ සමාරම්භය සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.