මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබිණි.
ලෝකය පුරා පැතිර ගිය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික අර්බුදයට මුහුණ දුන් ව්‍යාපාරිකයන්, රැකියා අහිමිව මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයන්, රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ ප්‍රජාව මූලික වශයෙන් ඉලක්ක කර ගනිමින් ඔවුනට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීමත් දරුවන්ට පාසල් අධ්‍යාපනය තුලින්ම තම වෘත්තීය කුසලතා හඳුනාගෙන අනාගතයේ රැකියා ක්ෂේත්‍රය තෝරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් මෙම වැඩසටහනින් සිදු කෙරේ.
Life Talk සංවාද මණ්ඩපය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකොන් මහතා පැවසූයේ මානව සම්පත පිළිබඳව විශාල කාර්යභාරයක් තම අමාත්‍යංශයට පැවරී ඇති බවයි. ඒ අනුව රටේ මානව සම්පත පලදායි ලෙස වෘත්තීන්වල යෙදවීම, වෙනස්වන ලෝකයට සරිලන පරිදි මානව සම්පත් අවශ්‍යතාවන් කුමක්ද යන්න අධ්‍යයනය කර විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබාගෙන අනාගත ලෝකය සඳහා අවශ්‍ය මානව සම්පත පිළිබඳව තොරතුරු අධ්‍යාපන පද්ධතියට ලබාදීම, රටේ මානව සම්පතට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, රටේ මානව සම්පත ලෝකයේ විශිෂ්ඨතම මානව සම්පත බවට පත් කීරීම වගකීමක් බව පෙන්වා දුන්නේය. එම වගකීම යථාර්ථයක් බවට පත්කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම Life Talk වැඩසටහන හඳුන්වාදුන් බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට එක් වෙමින් මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කළාය. සෑම දවසකම සවස 6.00 සිට 7.00 දක්වා මාර්ගගතව සිදු කෙරෙන මෙම වැඩසටහනින් සඳුදා දවසේ පෙරපාසල් ගුරුවරුන්, අඟහරුවාදාට අලුත විවාහ වන අය හා ගර්භනී මවුවරුන්, බදාදාට දෙමව්පියන්, බ්‍රහස්පතින්දාට පාසල් ගුරුවරුන්, සිකුරාදාට තරුණයින්, සෙනසුරාදාට රාජ්‍ය සේවකයින් හා ඉරිදාට ව්‍යාවසායකයින්, රැකියා අපේක්ෂකයින් හා රැකියා සපයන ආයතන දැනුවත් කිරීම සිදුකෙරේ.
Zoom තාක්ෂණයෙන් ඉහත වැඩසටහන්වලට සම්බන්ධ වීමට නොහැකි වුවහොත් Inspired Career YouTube නාලිකාවෙන් හා www.dome.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මෙම වැඩසටහන් වලට අදාළ වීඩියෝ නැරඹීමට හැකිය. පැය 50 ක දේශන මාලාවට එක් වූවන් සඳහා පිළිගත් සහතිකයන් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවෙන් පිරිනමන බවත් ඒ ඔස්සේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම, මාර්ගෝපදේශ ලබාදීම හා සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ අවස්ථාවට අවකාශ සැලසීම සිදු කෙරෙන බවත් ගෝකුල ප්‍රනාන්දු මහත්මිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
මේ අවස්ථාවය එක්වෙමින් මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂ සිතාරා ජයසේන මහත්මිය සඳහන් කළේ කුසලතා පූර්ණ වෘත්තිකයන් නිවැරදි දිශානතියකට යොමු කිරීමත්, දරුවන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්හි හමුවන විවිධ පාර්ශවකරුවන් දැනුවත් කිරීමත් මෙම Life Talk වැඩසටහනින් සිදු කෙරෙන බවයි.
මොහාන් සමරනායක
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්