කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී මිරිස් බීජ නිෂ්පාදනයට සම්බන්ධ ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නාවලපිටිය කළුගල්හින්න හා දෙකිඳ ආදර්ශ කෘෂි ගම්මාන සඳහා ආරක්ෂිත ගෘහ 60ක් ලබා දීමටත් ඔවුන්ට ලංකා බැංකුව මඟින් කෘෂිකාර්මික ණය මුදල් ලබා දීමටත් අවධානය යොමු කෙරිණ.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා, ලංකා බැංකුවේ මහනුවර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.