මෙරට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාවීමට නම් ආර්ථික වශයෙන්ද රට දියුණු තත්වයකට පත්විය යුතු බවත්, ආර්ථික වශයෙන් දුර්වල රටක් තුළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සිදු නොවන බවත්, එමෙන්ම රටක දුර්වල ආර්ථික තත්වයකදී දැඩි ලෙස බලපෑම් කිරීමට විදේශ රටවල් ද කටයුතු කරන බවත්,අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(14) පැවති 2021 ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහන් මාලාවේ සම්මාන හා ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ජාත්‍යන්තර ආයතන විසින් දැනුම් දීම නිසා නොව ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම පත්වන ආණ්ඩුවක පරම යුතුකම නිසා වත්මන් ආණ්ඩුව ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා වන නීති පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා වන දිගු කාලීන සැළැස්මක් අවශ්‍ය බව තමන් තරයේ විශ්වාස කරන බවත්ය.
අද තිබෙන තත්වය සතුටුදායක නොවන බවත්, පවත්නා නීති උපයෝගි කොටගෙන මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ ගතවන කාන්තාව වෙනුවෙන් එම විදේශ රටතුළදී ඔවුන්ගේ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින්නේ අසතුටුදායක තත්වයක් බවත්, එපමණක් නොව මෙරට තුළද කාන්තාවගේ අයිතීන් හා ළමා අයිතීන් මෙන්ම කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට තිබෙන තත්වය ද ඉහළ මට්ටමක නොමැති බවත්, එහෙයින් නව නීති සකස් කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.