අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ පැවති ''දරුවන් පිළිබඳ වාර්තාකරණයේ දී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාර ධර්ම පිළිබඳ වැඩමුළුවේ'' ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට සමාජයේ දරුවාට තීන්දු තීරණ ගැනීමේ අවකාශයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය මෙතෙක් සමාජයේ සිදු වී ඇති ඓතිහාසික වැරද්දක් බවත් එම වැරැද්ද නිවැරදි කළ යුතු බවත් ඊට තමා මැදිහත්වන බව පැවසීය.
දරුවන්ගේ අයිතිවාකම් පිළිගැනීම යන දර්ශකය මත රටක ශීලාචාර බව දියුණුව මනින බවත් මෙම ජාත්‍යන්තර මිම්මෙන් අපේ රට මැන බැලිය යුතු බවද කීය. මාධ්‍ය සහ සමාජය යනු දෙකක් නොව එකක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වින්දිතයන් වූ දරුවන් සමාජයෙන් මුදවා ගත යුතු බවත්, පසුගිය දින 333ක් තුළ ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 10,713ක් ලැබී ඇති බවත් මේ අතරුන් පැමිණිලි 1632ක් වයස අවුරුද 05ට අඩු දරුවන් පිළිබඳ පැමිණිලි වන අතර 2626ක් පැමිණිලි වයස අවුරුදු 10ට අඩු දරුවන් පිළිබඳව ලැබී ඇති බවද අමාත්‍යවරයා හෙළි කළේය.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ( මාධ්‍ය ) මිලින්ද රාජපක්ෂ මහතා, මාධ්‍ය ආයතන නියෝජනය කර මාධ්‍යවේදීන් පිරිසක් ද මේ අවස්ථාවට එක් විය.