ඉඩම් අමාත්‍ය එච්. එම්. චන්ද්‍රසේන සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉඩම් හිමිකම් ලබාදීම සිදු කළේ ය.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර, තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් දිරි ගැන්වීමේ අරමුණෙන් ආයෝජකයන් සඳහා වෙන්වූ විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය හා එක්ව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ යටතේ අනුරාධපුර ඔයාමඩුව “දැයට කිරුළ” ප්‍රදර්ශනය පැවති භූමියේ අක්කර 80ක භූමි ප්‍රමාණයක යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන ලදි.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට ආයෝජකයන් 31 දෙනෙකු ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ අතර, ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා සියල්ල විද්වත් කමිටුවකට යොමු කළ අතර එම කමිටුව මගින් ඒවා අධ්‍යයනය කර ආයෝජකයන් 20 දෙනෙකු තෝරාගන්නා ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා වන සමස්ත වියදම රුපියල් මිලියන 28,000ක් පමණ වන අතර , එයින් සෘජු හා වක්‍ර රැකියා 7,500 ක් පමණ ජනනය වේ යැයි ඇස්තමේන්තු කර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ඖෂධ වර්ග 236ක් හා ශල්‍ය උපකරණ 44ක් රට තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. වර්තමානය වනවිට සමස්ත ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 15% වැනි සුළු ප්‍රතිශතයක්ය. ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව දළ වශයෙන් රුපියල් බිලියන 65ක් පමණ වැයකරනු ලැබේ. රට තුළ නිෂ්පාදනය කළ හැකි ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීම තුළින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මහඟු අවස්ථාවක් සැලසේ. තෝරාගනු ලැබූ ආයෝජකයන් 15 දෙනෙකු ඉඩම් භුක්තිය හිමි කරගන්නා ලදි.