අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ඊයේ (15) රත්මලාන කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි .
එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය වීරවංශ මහතා;
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රත්මලාන කර්මාන්තපුරයෙහි කර්මාන්ත විස්සකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. එහි කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටළු සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට තමයි අපි අද මෙහි ආවේ. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා, රට පුරා ඇති කර්මාන්තපුර සියල්ලෙහිම මෙවැනි නිරීක්ෂණ චාරිකාවන්හි යෙදිලා ඒවායේ ගැටළු හඳුනාගෙන ඒවාට හැකිතාක් උපරිමයෙන් විසඳුම් සපයා දීමට.
දැනට බොහෝ දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව තමයි රටේ පවතින ඩොලර් පිළිබඳ අර්බුදය නිසා වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට සිදුව ඇති අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කරවා ගැනීමට තිබෙන අසීරුතාව. ඒ නිසා ඔවුන්ට තම නිෂ්පාදන කාර්යයෙහි දුෂ්කරතා මතුව තිබෙනවා ඒ අය බොහෝදෙනකුගේ පොදු ප්‍රශ්නය එයයි. අපි බලාපොරොත්තු වෙනවා, මහ බැංකු අධිපතිතුමන් හා අනෙකුත් රජයේ අංශ සමඟ සාකච්ඡා කරලා එම තත්ත්වය හැකිතාක් ඉක්මනින් වෙනස් කර දීමට සුදුසු පියවර ගැනීමට.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වින්දික පියරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.