ප්‍රියන්ත කුමාර මහතාගේ ඛේදනීය වියෝව සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත සිය බලවත් ශෝකය පල කළ අමාත්‍ය පීරිස් මහතා , මේ මොහොතේ දී ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සහ පවුලේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම කෙරෙහි බව සඳහන් කළේ ය.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප්‍රියන්ත මහතාගේ පවුල වෙත උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රකාශ කළේ ය. ප්‍රියන්ත මහතාගේ සේවායෝජකයාගෙන් මෙන්ම පාකිස්තාන රජයෙන් හිමිවන වන්දි මුදල් සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ නියමිත වේලාවට ලබා දීමට කටයුතු කරන ලෙස තමන් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා පාකිස්තානය තුළ නිසි වැඩපිළිවෙලක් ස්ථාපනය කොට ඇති බව කොළඹ කේන්ද්‍ර කොටගත් පාකිස්තානයේ වැඩබලන මහ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බව අමාත්‍යවරයා පැවසීය. ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එකඟ වී ඇත.
ශ්‍රී ලංකාව මෙම විමර්ශනයේ ප්‍රගතිය සමීපව නිරීක්‍ෂණය කරන බවත්, මෙම මරණයට වගකිවයුත්තන්ට නීතිප්‍රකාරව කඩිනමින් දඬුවම් ලබා දීමෙන් අනතුරුව ඊට අදාළ යුක්තිය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.