මීට අමතරව දැනටමත් සිය ගබඩාවල ඇති පොහොර තොග එළවළු වගා කරන ගොවීන් සඳහා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට ද ඔවුහු එකඟ වූහ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය. මෙම සාකච්ඡාවට පොහොර ආනයනකරුවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලැබිය යුතු විශාල මුදලක් ලබා ගැනීමට නොහැකිව පැවැතිම නිසා පොහොර ඇනවුම් කිරීමේ බාධා පැමිණ ඇති බව පොහොර ආනයනකරුවන් පෙන්වා දුන්හ. ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ජනවාරි 05දාට පෙර ආනයනකරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ලබා දීමට ද පියවර ගන්නා බව අමාත්‍ය අලුත්ගමගේ මහතා කීවේය.
පොහොර ආනයනකරුවන් සහ දේශීය පොහොර නිෂ්පාදකයින් මුහුණපාන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කර, විසඳුම් ලබා දීමට ද අමාත්‍යවරු පියවර ගත්හ.
මේ අනුව යල කන්නයට අවශ්‍ය රජයේ නිර්දේශිත පොහොර ආනයනය කර, විවෘත වෙළඳපොලේ විකිණිමට පියවර ගන්නා බවත්, ජනවාරි හා මාර්තු අතර කාලයේදී ආනයන සම්පූර්ණ කරන බවත් පොහොර ආනයනකරුවෝ මෙම සාකච්ඡාවේදී සඳහන් කළහ. එමෙන්ම යල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට අද පැවැති පොහොර ආනයනකරුවන් හා දේශීය පොහොර නිෂ්පාදකයින් එකඟතාවයට පැමිණියහ.