කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ජෝන් හයිසර් හා කෘෂි විද්‍යාඥ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කේ.බී විජේකෝන්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.
රජයේ ප්‍රතිපත්තිය අනුව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙරට නිෂ්පාදනය කළ හැකි මිරිස්, ලූණු හා අර්තාපල් බීජ හා බෝග සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමටත්, එමඟින් මෙරටට අවශ්‍ය මිරිස් 100% ක් මෙරටේ නිෂ්පාදනය කිරීමටත්, අල හා ලූණු ද මෙරටට ආනයනය කිරීම නවතා මෙරට නිෂ්පාදනය කර ගැනීමටත් මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රමුඛතාව දීමටත් තීරණය විය. ඊට අමතරව කෙසෙල් වගාව දියුණු කර දැනට අපනයනය කරන කෙසෙල් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් මුදල් ආයෝජනයට ද අවධානය යොමු කළේය.
එමෙන්ම ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඉදි කිරීම පිළිබඳව ද ප්‍රමුඛතාව දී ක්‍රියා කිරීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.