පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

    දෙසැම්බර් 17, 2021

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂී හිදෙකි මහතා (දෙසැ 15) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

    දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි. මිෂුකොෂී හිදෙකි මහතා සමඟ පැවති අන්‍යෝන්‍ය සංවාදයට මානව සම්පත හුවමාරු කර ගැනීමේ අවස්ථා සහ දිවයිනේ සංචාරක අංශයේ සංවර්ධනය ද ඇතුළත් විය.

    ශ්‍රී ලංකා සංචාරයේදී ජපන් සමුද්‍රීය ආත්මාරක්ෂක බලකා නෞකා සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ජපාන නියෝජිතයා ආරක්ෂක ලේකම් වෙත සිය ප්‍රසාදය පලකරන ලදී.  දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා තම උපරිම සහයෝගය ලබාදෙන බවට ද සැසියේදී ජෙනරල් කමල් ගුණරත්න සහතික විය.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව සිදුවිය. මෙම හමුව සඳහා හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර මහතා , ආරක්ෂක උපදේශක කපිතාන් ගකු ෆුකෞරා මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya