පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතිය ඇරඹිණි.
සමාරම්භක අවස්ථාවය එක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය;
සෞභග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව යමින් ගොඩනැගෙන අනාගත පොළොන්නරු සංවර්ධන වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් මෙම ව්‍යාපෘතිය 2022 වසරේ ආරම්භ කිරීමට නියමිතයි. වසර 74 කට පසුව ගල්ඔය හතැරැස් කොටුවට වතුර දීමට හැකි වුනේ ඔබ පත් කරන ලද ආණ්ඩුවටයි. මේ වන විට පොළොන්නරුව පුරවරයේ පානීය ජල අවශ්‍යතාවය 60% ක් දක්වා නිම කර ඇති අතර 2022 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතාවය 75% ක් දක්වා නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම අයවැය තමා ඔබව ආර්ථික වශයෙන් ඉහළට ඔසවන ග්‍රාමීය ආර්ථිකයේ අයවැය. සැම පළාත් පාලන මන්ත්‍රීවරයෙකුටම ගමට වැඩ කිරීම සඳහා රුපියල් ලක්ෂ 40 ක මුදලක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 1000 ක මුදලක් වෙන් කරලා තියෙනවා. මේ සියල්ල ලබා දෙන්නේ ඔබේ ආර්ථිකය හඳන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටයි. සුරතල් මතස්‍ය ව්‍යාපාරය, බිම් මල් ව්‍යාපාරය, මල් වගාව, මැහුම් කර්මන්තය හා සත්ව නිෂ්පාදනය වැනි ව්‍යාපාර සඳහා මෙම මුදල් යොදාගෙන එයින් උපරිම ඵල ලබා ගෙන ඔබේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකය ද ගොඩ නගමින් සමෘද්ධිමත් දේශයක් කරා ගෙන යාමට සහය දෙන ලෙස ඉල්ලා සිටිනවා.
සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත අය ඉන්නේ මේ ආණ්ඩුව. මෙම ආණ්ඩුව ගල්ඔය හැතරැස් කොටුවෙහි ග්‍රාමයේ වතුර ලබා දීමට රුපියල් මිලියන 14 ක් වියදම් කරලා තියෙනවා. අවුරුදු 74 කට පසු ඔබට හොඳ පිරිසිදු ජලය දීල වකුගඩු රොහල් වහන යුගයකටයි රාජපක්ෂ පාලනය ගේන්න කටයුතු කරන්නේ. එසේම වස විසෙන් තොර ආහාර වේලක් යන සංකල්පය අද දවසේ ගෙන ඒමට අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා
කටයුතු කරලා තියනවා. ඉදිරියෙදී මේ පළාතේ ඇති ප්‍රජා ජල යෝජනා ක්‍රම සියල්ල ඉහළ මට්ටමකට ගෙන ඒමට අපි කටයුතු කරනවා මෙන්ම වසර 74 කට පසුව පානීය ජල ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නෙත් රාජපක්ෂ රජයයි.ජල සම්පාදන අමාත්‍යාංශයයි, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි එකතු වෙලා රුපියල් මිලියන 1458 ක වියදමින් ආරම්භ කරන මෙම ව්‍යාපෘතියෙන් පවුල් 1150 කගේ පමණ පානීය ජල අවශ්‍යතාවය සපුරනවා ''යැයි පැවසීය