සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ නැගෙනහිර පළාතේ රෝහල්හි අඩුපාඩු සොයා බැලීමේ වැඩපිළිවෙළක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල (16) සහ (18) ක්‍රියාත්මක කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ විය. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල හා කන්තලේ මූලික රෝහල්හි අඩුපාඩු සොයා බැලීම සිදුකෙරිණි .
මෙයට අමතරව නැගෙනහිර පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ රෝහල් 10 ක ප්‍රගති සමාලෝචනය මෙන්ම ඒවායේ අඩුපාඩු හා මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.ත්‍රිකුණාමලය පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.
විශේෂයෙන් කොඩිඩ් ව්‍යසනයේදී අනෙකුත් ප්‍රදේශවල ආසාදිතයන් මෙන්ම නිරෝධායන පිරිස් සදහා නැගෙනහිර පළාතේ සෞඛ්‍ය අංශ ලබාදුන් ඉහළ සත්කාරක සේවාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රණාමය හිමි වන බව අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා මෙහිදී කීය.
පළාතේ රෝහල්හි වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය මෙන්ම අනෙකුත් විවිධ අඩුපාඩුකම් පිලිබදව අමාත්‍යංශ නිලධාරීන්ගේ අවධානය මෙහිදී යොමු විය. විශේෂයෙන් කින්නියා, මුතූර්, පදවි ශ්‍රීපුර, පුල්මුඩේ ආදී රෝහල්හි පවතින ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් ද නැගෙනහිර පළාතේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද මේ සඳහා එක්ව සිටියහ.