මීට සමගාමීව වනාතවිල්ලුව, එළුවන්කුලම, ගගේවාඩිය පිහිටි නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඇණිය විසින් සංවිධානය කර තිබූ කලා ඔය ඉවුරේ කඩොලාන පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය ද ඊයේ ආරම්භ කෙරුණි.
කල්පිටිය,ගගේවාඩිය,බත්තලංගුණ්ඩුව ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, මුහුදේදී ආපදාවට පත් ධීවර ප්‍රජාව වෙත කඩිනමින් සහන සැලසීම, නොරොච්චෝලේ ගල් අගුරු විදිලිබලාගාරය අවට මුහුදේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින් මෙම නව ජැටිය ඉදි කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකළ මෙම ජැටියේ වැඩ, දින 40ක් වැනි කෙටි කලකදී නිමකර තිබීම විශේෂත්වයකි. වැය වූ මුළු මුදල රුපියල් මිලියන 02ති.
මෙරට පරිසර පද්ධතියට විශාල දායකත්වයක් දක්වන කඩොලාන ව්‍යාපෘතිය වැඩි කිරීමේ අරමුණින් කඩොලාව පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියද ඊයේ ආරම්භ කෙරුණි. ශ්‍රී ලංකාව සතු කඩොලාන පද්ධතිය පුළුල් කරමින් මෙරට මුහුද සංරක්ෂණය කිරීමෙහි ලා ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති වගකීමෙහි ප්‍රමුඛත්වය ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විටත් තෝරා ගත් ස්ථාන 33ක කඩොලාව පැල 40,000ක් සිටුවා ඇත.හලාවත, පුත්තලම, කල්පිටිය කලපුව, ඔිලන්ද ඇල, කලා ඔය , මල්වතු ඔය සහ මෝදරගම් ආරු ප්‍රදේශ වල මෙම කඩොලාන පැල සිටුවීමට බලාපොරොතුත් වේ.
වයඹ නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, වයඹ පලාත් ප්‍රධාන ලෙක්ම් පී.බී.එම් සිරිසේන , පුත්ලම් දිස්ත්‍රික් ලේකම්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.