පොළොන්නරුව, මනම්පිටිය, රජරට මහවැලි ප්‍රතිභා ශාලාවේ දී අද (19) පැවති යොවුන් පාර්ලිමේන්තු සංසදයේ දසවන සංවත්සරයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
තමන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ කාලයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද උපදේශකත්වය ඇතිව “දියවන්නාවට විකල්පයක්” යන අදහසින් මෙම යොවුන් පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන නායකත්ව කුසලතා සහිත විචක්ෂණශීලී තරුණ ප්‍රජාවක් ඇතිකිරීමේ අරමුණින් නිර්මාණය කළ යොවුන් පාර්ලිමේන්තුවේ පළමු සැසිය 2011 ජනවාරි 02 මහරගම ජාතික තරුණ සේවා පරිශ්‍රයේදී පැවැත්විණි. ලංකාව පුරා ක්‍රියාත්මක යෞවන සමාජ සාමාජිකයින්ගේ ඡන්දයෙන් යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් තෝරා ගැනේ. ලංකාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන කුසලතා හා නායකත්ව ගුණාංග සපරි යොවුන් දරු දැරියන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තුළ රටේ සංවර්ධනය හා ඉදිරි ගමනේ පුරෝගාමීන් ලෙස බලගැන්වීමට මෙම සංකල්පයෙන් ඉඩ සැලසී ඇත. යොවුන් පාර්ලිමේන්තුව මේ වන විට පැවැත්වූ සැසිවාර ගණන 05 කි. යොවුන් පාර්ලිමේන්තු හිටපු සාමාජිකයින්ගේ සාමාජිකත්වයෙන් යොවුන් පාර්ලිමේන්තු සංසදය සංවිධානය වී ඇත.
සංවත්සර උළෙලේදී යොවුන් පාර්ලිමේන්තු සංකල්පය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත එම සංසදය විසින් උපහාර පුද කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,
“ මා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ කාලයේදී ලාංකීය තරුණ තරුණියන්ගේ අනාගතයේ අවිනිශ්චිත බව තේරුම් ගෙන ඊට විකල්පයක් ලෙස ගත් තීරණ අතරේ ප්‍රධාන තීරණයක් තමයි මේ යොවුන් පාර්ලිමේන්තුව. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව තමයි මේ යොවුන් පාර්ලිමේන්තුව ආරම්භ කළේ. එදා මං මෙය හැඳින්වූයේ “දියවන්නාවට විකල්පයක්” ලෙසයි. පාර්ලිමේන්තුව අමතා කළ එම ප්‍රකාශය
හැන්සාඩ් වාර්තාවෙත් තියෙනවා. යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රඡාත්‍රන්තවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇප කැප වීමයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස් ඡන්දය, නිදහස් මැතිවරණය වැනි අයිතීන් පමණක් නොවෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය හඳුනාගැනීමේදී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම, ප්‍රකාශනයේ භාෂණයේ නිදහස ආරක්ෂා කර ගැනීම, සංස්කෘතික නිදහස ආරක්ෂා කර ගැනීම, පාරිසරික මෙන්ම සත්ත්ව අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමත් ඒ අතර වෙනවා. මේ කරුණු වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාර පහක සාමාජිකයින් කොතරම් කැපවී කටයුතු කර තිබේද යන්න ඔබම විමසා බැලිය යුතුයි.
අප යොවුන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව හදද්දී කුඩා කරුණු පවා විමසා බලමිනුයි එය සකස් කළේ. එහි ජාතික ලැයිස්තුවක් අප නිර්මාණය කලා. ඒ සඳහා පැමිණිය යුත්තේ කවුද යන්නත් තීරණය කලා. ඒ අනුව තමයි ලංකාවේ
පළමු වතාවට ආදිවාසී ප්‍රජාව නියෝජනය කරන පළමුවෙනි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරාපත්කරගන්න අපට අවස්ථාව ලැබුණේ. ඒක මේ රටේ ආදිවාසීන්ට ජාතික තලයේ අවස්ථාවක් ලැබුණු පළමු අවස්ථාව. එමෙන්ම
අබාධිත පුරවැසියන් සඳහාද අපි ඒ ජාතික ලැයිස්තුවෙන් කොටසක් වෙන්කළා. මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන ශීලාචාර ශිෂ්ට සම්පන්න රටවල් තමයි ලෝකයේ දියුණු රටවල් කියන්නේ. යොවුන් පාර්ලිමේන්තුව මූලිකව අවධානය යොමුකල යුත්තේ ශිලාචාර සමාජයක් නිර්මාණය කරගත යුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධයෙනුයි. එවැනි පිරිසකට ලෝකයේ දොරගුළු විවෘතයි. ශ්‍රී ලාංකීය ජාතියක් විදියට ලෝකයේ නිශ්චිත අද්වීතීය ස්ථානයක්
නිර්මාණය කර ගැනීම සම්බන්ධෙයන් යොවුන් පාර්ලිමේන්තුව අවධානය යොමුකල යුතුයි. පළමු යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල පිරිසෙන් කීප දෙනක් මේ වන විට ජාත්‍යන්තර සංවිධානවල ඉහළ තනතුරු හොබවනවා. මම දේශපාලනයෙන් විශ්‍රාම ගත් කාලයක අමාත්‍යවරයකු වශෙයන් ඒ කාලයේ ගත් මෙවැනි ඵලදායී තීරණ ගැන සතුටු විය හැකියි”
මෙම නව සංකල්පය ජනගත කර සාර්ථකව ක්‍රියාත්මක කිරීම අගයමින් මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත තිළිණයක් ප්‍රදානය කෙරිණ.
මෙම අවස්ථාවට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝසභාවේ ගරු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර ස්වාමීන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු
සංසඳයේ සභාපති රවීන්ද්‍ර පී. කුලසේන මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ ලේකම් නිෂාන් මධුෂංක මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ පොලොන්නරු සභාපති, ජාතික තරුණ පෙරමුණේ සභාපති එච්.එම්.එස්.කේ. නිශ්ශංක මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ දමිළ නියෝජිත පී.එස්. රාගේෂ්වරී මහත්මියද ඇතුලු පිරිසක් එක්ව සිටියහ.