මෙම කැබිනට් පත්‍රිකාවෙන් අදාළ ආයතන සදහා 2020 මාර්තු 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දින දක්වා ලබා දී තිබු විදුලි බිල් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටත්, සියලු හිග සමුච්චිත බිල්පත් ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවීමට සංචාරක හෝටල් හා නවාතැන් හිමිකරුවන්ට අවස්ථාව ලබාදීමටත් අදාළ කැබිනට් පත්‍රිකා මගින් යෝජනා කර තිබේ. එම සහන කාලය තුල දි විදුලිය විසන්ධි නොකිරිමටත්, සමුච්චිත හිග මුදල් බිල්පත් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු අය නොකිරිමටත් යෝජනා කර තිබේ. එමෙන්ම වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවල දී හෝටල් කර්මාන්තයේ විදුලි ඒකකයක මිල අනෙකුත් කර්මාන්ත හා සමාන වන පරිදි සැකසීමටත් එමගින් යෝජනා කර ඇතැයි ද ඇමතිවරයා කියයි
මේ වන විට සංචාරකයන්ගේ ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වි නොමැති නිසා රජය විසින් ලබාදුන් සහනය තවදුරටත් ලබාදිම සදහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ඇමතිවරයා පවසයි.
තවමත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සේවා සපයන්නන්ගේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයට පත්ව නොමැත. සංචාරකයන් නොපැමිණිම හෝටල් යථා පරිදි පවත්වාගෙන යාම සදහා විදුලි බලය භාවිතා කිරිම අත්‍යවශ්‍යය වු අතර රජය ඊට සහන සැලසූවේ එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි. සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙනතුරු එම සහනය ලබාදිය යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය විම නිසා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.