ඔහු පෙන්වා දෙන්නෙ චීන පොහොර නැවට ඇතැම් අය සදහන් කරන ආකාරයට වන්දි මුදලක් ගෙවා නැති බවත් නීතිපති උපදෙස් අනුව අර්බුදය සමථයකට පත්කර ගැනීම සදහා ඊට අදාල ගිවිසුමට අනුව ක්‍රියා කර ඇති බවය. ඒ අනුව ඒ සමිබන්ධයෙන් ඇතැම් පිරිස් ද්වේශ සහගතව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවද ඔහු සඳහන් කළේය.
තමන් නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කර කොමිස් ගහන බවට එල්ල වූ චෝදනාවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද මේ වනවිට ඒ සමිබන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වෙන බවද අමාත්‍යවරයා කීවේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉකුත්දා (17) පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මහ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට කාබනික ඝන පොහොර, කාබනික දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් පොහොර ලබා දී ඇති බවත් අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනයට අවසර දී ඇති බවද ඇමතිවරයා කීවේය. කෙසේ වුවද මහ කන්නය සදහා රසායනික පොහොර ආනයණය කර බෙදා හැරිමට පෞද්ගලික අංශයට ද කාලයක් නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කිසිවෙකුට වංචා දූෂණ කරන්න ඉඩක් නැ. කාබනික ගොවිතැන අපේ රටට ගැලපෙන කාලීන වැඩ සටහනක්.විදෙස් රටවලත් තනිකරම සිදුකරන කාබනික ගොවිතැන් තිබෙනවා. ඉන්දියාවේ හෙක්ටයාර් 32000ක් කාබනික ගොවිතැනට යොදාගෙන තිබෙනවා. අපිට එලෙස වගා කරන්න තියෙන්නෙ හෙක්ටයාර් අට ලක්ෂයක් පමණයි. මේ වැඩ පිළිවෙළ ඉතා හොඳ වැඩසටහනක් නිසා මම ජනාධිපති සමඟ ඒ වෙනුවෙන් හිට ගත්තා. නමුත් රජයක් විදියටත්,මෙම වැඩ සටහනේ වැඩි වගකීමක් පැවැරෙන සෞඛ්‍යය හා පරිසර යන අමාත්‍යංශත් කාබනික ගොවිතැන වෙනුවෙන් සිදුකළ කැපවීම ගැන සතුටු වෙන්න බෑ"යැයිද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.