පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ සිට පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

    දෙසැම්බර් 20, 2021

     

    ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී  එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

    මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇතැයිද ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා පවසයි.

    මේ අනුව එන්නත් දෙකම ලබාගත් අයට විශේෂ යෙදුමක් (App) හා කේත අංකයක් (QR Code ) ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ස්ථානයන්හි කළමණාකාරිත්වයට මෙහි වගකීම පැවරෙන බවද උදාහරණයක් ලෙස සිනමාශාලාවක් තුළ සිටින අයෙකු එන්නත්කරණ කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් නම් එහි වගකීම එහි කළමණාකාරිත්වය විසින් භාරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එන්නත් ලබා නොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙන නමුත් එමගින් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. එනිසා පූර්ණ එන්නත්කරණය මෙන්ම බූස්ටර් එන්නතද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya