කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගත් ක්‍රිකට් කණ්ඩායමට ඉඩම් කැබලි ලබා දුන් ස්ථානයේම පර්චස් 9.6ක බිම් කොටසක් ලබා දීමට තීරණය වී තිබේ. ඇයගේ අනුගාමිකයන් ලොව පුරාම සිටින බවත් ශ්‍රී ලාංකීය ධජය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට ඇයට සුභ පැතුම් එක් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ කලා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ නවාතැන් සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් ඇති බවත් රිචඩ්ද සොයිසා වැනි ගම්මාන අතීතයේ ඉදි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේ දී මාධ්‍යවේදින්ගේ එවැනි නවාතැන් ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද කීය.