පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම අත්සන් කිරීම රාජතාන්ත්‍රිකව ස්වාධීන රාජ්‍යයක් ලෙස ගත් වැදගත් තීරණයක් - ජනමාධ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 21, 2021

    න්‍යෂ්ටික අවි තහනම් කිරීම සදහා වූ ගිවිසුම අත්සන් කිරීම රාජතාන්ත්‍රිකව ස්වාධීන රාජ්‍යයක් ලෙස ගත් වැදගත් තීරණයක් වශයෙන් දැනුම්දිය හැකි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    නොබැදි ජාතීන්ගේ සමුළුවට නායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකීය මාතාව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියව කෘතවේදීව සිහිපත් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, ඉතිහාසයේ නොබැදි ජාතීන්ගේ සමුළුව විසින් මෙම කරුණ පිළිබදව සමාරම්භක කතිකාව ජාත්‍යන්තර වාද අවකාශයට රැගෙන ආ බව කියා සිටියේය. ඉන් පසු 2017 ජූලි 07 වනදා ලොව රාජ්‍යයන් 122ක් නිවුයෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රැස්වී 2021 ජනවාරි 22 වනදා සිට බලාත්මක වන පරිදි මෙම ගිවිසුම සම්මත කළ බවද, මේ සදහා අත්සන්කරුවන් 86 දෙනෙකු සහ අත්සන් කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය 57ක් දැනට පෙළගැසී සිටින බවද සදහන් කළේය.

    මෙම ගිවිසුම තුළදී රාජ්‍යයක් න්‍යෂ්ටික අවි හෝ න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම, නිමවීම, සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම, භාවිතා කරන බවට තවත් රාජ්‍යයකට කරනු ලබන තර්ජන,තමන්ගේ භූමිය න්‍යෂ්ටික අවි ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාම මුළුමනින්ම තහනම් බවට පත්වන බවද, එමනිසා න්‍යෂෟටික අවි සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමකනියැලීම සදහා කිසිවෙකුට සහාය ලබාදීම පවා මෙම ගිවිසුමෙන් වළක්වා ඇතැයිද, ඒ සම්බන්ධ දිරිගැන්වීම් සහ පෙළඹවීම්ද නවතා ඇතැයිද ඔහු සදහන් කළේය.

    නිදහස් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලාංකීය පුරවැසියන්ට යම් අභිමානයක්, මෙමඟින් ජාත්‍යන්තර ප්‍රජාව තුළදී ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya