අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රබර් වගාව පිළිබදව නැවත උනන්දුවක් ඇතිවී ඇති බවද, දීර්ඝ කාලයකට පසුව නැවත මෙරට රබර් වලට ඉහළ මිලක් ලැබෙමින් පවතින බවද පැවසූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, රබර් ඇතුළු නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තාගත ආදායමක් 2021 වසරේ ලබාගෙන ඇතැයිද කියා සිටියේය.
එයට උත්තේජනයක් වශයෙන් නව වගාව ප්‍රවර්ධනය කිරීමට, නැවත වගාව ප්‍රවර්ධනය කිරීමට මෙතෙක් කල් ලබාදුන් ආධාර මුදල වාරික 08ක් ලෙස වසර 07ක කාලයක් ඇතුළ ත ලබාදී ඇති බවද, නව යෝජනාව මගින් එම ආධාර මුදල් වසර 05ක කාලයක දී වාරික 05ක් වශයෙන් ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද පැවසීය.
මෙමගින් රබර් නැවත වගාවටත්, අලුත් වගාව සඳහා පිරිස් යොමුකර ගැනීමටත්, පළමු වසර දෙකක කාලය ඇතුළත රෝපණය කිරීමෙන් පසු ගස රැකබලාගෙන මූලික අවධිය වර්ධනය කරගැනීම වෙනුවෙන් විශේෂ අවදානයක් යොමු කරමින් අදාළ වාරික මුදලින් 70%ක ට ආසන්න ප්‍රමාණයක් පළමු වසර දෙකේ දී ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා කීවේ ය.